✨ හුලංගල කියන්නේ මොකක්ද?
🌬️ “හුලංගල” නාමයේ අර්ථය
“හුලංගල” යන නාමය හැදුනෙ කොහොමද කියලා දැන් අපි බලමු.
මෙය සිංහල “හුලන්” + “ගල” යන වචන දෙක එකතු වෙලා හැදුනු නාමයකි.
👉 හුලන් = සුළඟ
👉 ගල = පර්වතය / ගල් කන්ද
ඒ කියන්නේ “සුළඟ වැඩිපුර හමන ගල” කියන අදහසයි.
ඇත්තටම හුලංගල මුදුනට ගිය කෙනෙකුට පමනයි එහි සුළඟේ බලය හොඳටම අත්විඳින්න පුළුවන් වේන්නෙ.
තවත් විශේෂ දෙයක් නම් – දුරින් බැලූ විට හුලංගල පාරුවක් (නෞකාවක්) වගේ පෙනෙන එක. ඒ නිසාම මේ ස්ථානය “නව්ගල” (Navgala) කියලාත් හඳුන්වලා තියෙනවා.
👉 Nav = නෞකාව
👉 Gala = ගල
⛰️ උස, ස්ථානය සහ දර්ශනීයත්වය
හුලංගල මුදුන මුහුදු මට්ටමෙන් මීටර් 1025ක් පමණ උසින් පිහිටා තියෙනවා.මෙම උස නිසා, ඉහළට ළඟා වුණාම ඔබට දැකගන්න පුළුවන් දසුන් ඇත්තටම අමතක නොවන එවා කියන්න පුලුවන්.
🌿 සොබාදහම සහ ජෛව විවිධත්වය
හුලංගල ප්‍රදේශය වෘක්ෂලතා, සත්ව ජීවීන් සහ පක්ෂීන් ගණනාවකට වාසස්ථානයක් ලෙස හදුන්වන්න පුලුවන්.
මෙය නකල්ස් පරිසර පද්ධතියේ කොටසක් නිසා,
🔹 දුර්ලභ ශාක වර්ග
🔹 විවිධ පක්ෂීන්
🔹 කුඩා සත්ව විශේෂ
මෙම ප්‍රදේශය තුළ දැකගත හැක.
ඒ නිසාම Nature lovers, photographers, researchers සහ eco-travelers සඳහා හුලංගල කියන්නේ ඉතාම වටිනා ස්ථානයකි.
🌄 හුලංගල Mini World’s End
හුලංගලේ ප්‍රධාන ආකර්ෂණය තමයි Mini World’s End කියන ස්ථානය.
මෙය මුහුදු මට්ටමෙන් මීටර් 760m පමණ උසින් පිහිටා තියෙන, පහළට බෑවුම් වන අතිශය දර්ශනීය ස්ථානයක්කි.
මෙතැනින් ඔබට දැකගන්න පුළුවන් –
- නකල්ස් කඳුකරය
- මහවැලි ගඟ
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල තැන්න
- පැහැදිලි දවසකදී දුරදිග දිස්වන මුහුදු තීරය
ඡායාරූප ගන්න, නිශ්ශබ්දව සොබාදහම අත්විඳින්න මෙය ඉතාම සුදුසු ස්ථානයක්.
🍃 තේ වතු සහ ගම් සංස්කෘතිය
හුලංගල අවට ප්‍රදේශය තේ වතු වලින් වටවී තිබේ..
මෙම තේ වතු
- ප්‍රදේශයේ ආර්ථිකයට වැදගත් වේ.
- ගම් ජීවිතය හා සම්ප්‍රදායන් පෙන්වනවා.
- පරිසරයට අලංකාරයක් එක් කරනවා.
තේ කම්කරුවන්ගේ දෛනික ජීවිතය, ඔවුන්ගේ සංස්කෘතිය දැකගන්නත් මෙය හොඳ අවස්ථාවක් වශයෙන් හැදින්විය හැක.
🏕️ හුලංගල සංචාරය – Hiking, Camping, Mini World’s End
🚶♂️ Hiking
හුලංගල කියන්නේ hiking වලට ඉතාම සුදුසු ස්ථානයකි. මෙහි මාර්ග ස්වභාවික වටපිටාව හරහා ගමන් කරන නිසා ගමනේ සෑම පියවරක්ම විනෝදයක් වෙයි.
ප්‍රවේශ පථයෙන් ආරම්භ වන මාර්ගය මුලදී සරල වුවත් Mini World’s End ළඟට ළඟා වෙද්දී මාර්ගය ටිකක් බෑවුම් සහිත වේ.. එය අධික අභියෝගයක් නොවන නිසා සාමාන්‍ය ශාරීරික ශක්තියක් තියෙන කෙනෙකුටත් ගමන් කළ හැකි වේ.
Mini World’s End එකට ළඟා වූ පසු, එතැනින් හුලංගල මුදුන වෙත නැඟීම කළ හැකි අතර එම ස්ථානයෙන් ලැබෙන දසුන් අතිශය විශාලය.
👉 Hiking යන අතර දැකගත හැක්කේ ස්ථාන:
- නකල්ස් කඳුකරය
- මහවැලි ගඟ
- තේ වතු
- වනාන්තර සහ ගල් බෑවුම්
🏕️ Camping (රාත්‍රී කඳවුරු)
අද වෙනකොට හුලංගල camping lovers අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි.
බොහෝ දෙනා කරන්නේ –
🔹 සවසට hike කරගෙන උඩට යන එක
🔹 හොඳ තැනක් තෝරගෙන කඳවුරු බැඳීම
🔹 උදෑසන හිරු නැඟීම බලන එක වගෙ දෙවල්ය
හුලංගලේ camping වල විශේෂත්වය තමයි අධික තදබදයක් නොමැති වීම. ඒ නිසා නිදහසේ, නිශ්ශබ්දව විවේක ගන්න පුළුවන් තැනක් විම.
🌄 උදෑසන:
- කඳු අතරින් මීදුම ගලායන දසුන
- හිරු රැස් මීදුම හරහා පැතිර යන අලංකාරය
- උණුසුම් තේ කෝප්පයක් සමඟ සොබාදහම විඳීම වැනි දෙවල්
⚠️ අවධානය:
හුලංගලේ කාලගුණය ඉතා වේගයෙන් වෙනස් වන නිසා හදිසි වැසි, තද සුළඟ ඇති විය හැක.
👉 Camping යනවිට:
- හොඳ tent එකක්
- වැසි ආරක්ෂාව
- උණුසුම් ඇඳුම් අනිවාර්යයි.
💦 දියඇලි ගවේෂණය
හුලංගල අවට ප්‍රදේශයේ ලස්සන දියඇලි කිහිපයක් දැක ගන්න පුලුවන්.
🌊 යටවත්ත බිසෝ ඇල්ල (Yatawatta Biso Ella)
මෙය හුලංගල සංචාරයේ අනිවර්යෙන් නැරඹිය යුතු දියඇල්ලකි.
තවද ඡායාරූප ගන්න, නිදහසේ විවේක ගන්න ඉතා සුදුසු ස්තානයකි.
🌊 උඩගම ඇල්ල
මෙයත් ඒ ආසන්නයේම පිහිටා ඇති, සාමකාමී ස්වභාවයක් තියෙන දියඇල්ලකි.
⚠️ වැසි අඩු කාලවලදී සමහර දියඇලි වියළී යා හැකි නිසා, වැසි සමය හෝ වැසි සමය අවසන් වු කාලය වඩා සුදුසුයි.
🏍️ Scenic Drive & Motorbiking
හුලංගල වෙත යන මාර්ගයම දර්ශනීය ගමනක් වශයෙන් හදුන් වන්න පුලුවන්.
දෙපස තේ වතු, කඳු සහ වනාන්තර දසුන් සමඟ motorbike ride එකක් නම් අමතක නොවන අත්දැකීමකි.
🚗 වාහන ගැන වැදගත් දෙයක්:
- සාමාන්‍ය car වලින් ඉහළට යන්න අමාරුයි
- Motorbike / Tuk-tuk / 4×4 vehicle වඩා සුදුසුයි
📸 Photography & Videography
හුලංගල කියන්නේ photographers paradise එකක් වගෙ.
📷 හොඳම වෙලාවන්:
- උදෑසන (Sunrise)
- සවස (Golden hour)
Mini World’s End එකේ ඉඳලා:
- නකල්ස් කඳු
- මීදුම
- හිරු රැස් වගෙ අතිශය ලස්සන ඡායාරූප ගන්න පුළුවන්.
🚁 Drone videography සඳහාත් හුලංගල සුදුසුයි. නමුත්:
- Estate rules පිළිපදින්න
- මිනිසුන්ට හා සොබාදහමට බාධා නොවෙන ලෙස භාවිතා කරන්න
🗺️ හුලංගලට යන මාර්ගය (How to Get There)
🚗 කොළඹ සිට:
- E04 මාර්ගයෙන් කුරුණෑගලට
- එතැනින් මාතලේ දිශාවට කි.මී. 12ක්
- Yatawatta ප්‍රදේශයට ආසන්නව
📍 Google Maps Tip:
“Hulangala” search කරන්න එපා ❌
➡️ “Selagama Tamil Maha Vidyalaya” search කරන්න ✅
එතැනින්:
- Elkaduwa Plantations – Selagama Estate board
- Selagama Estate හරහා ඉහළට
- Ticket counter
- එතැනින් 2km – Mini World’s End
🕒 යාමට හොඳම කාලය
✔️ දෙසැම්බර් – මාර්තු
- වැසි අඩුයි
- මාර්ග පහසුයි
- දසුන් පැහැදිලි
🌧️ මැයි – සැප්තැම්බර්
- වැසි වැඩි
- මීදුම සහ අද්භූත දසුන්
- Hiking ටිකක් අභියෝගාත්මකයි
Camping යනවා නම් – සවසට ගිහිල්ලා උදෑසන ඉන්න එක තමයි හොඳම option එක.
🌦️ හුලංගලේ කාලගුණය
හුලංගලේ කාලගුණය එකම විදිහට පවතින්නේ නැහැ.
එකම දවසේ:
- පැහැදිලි හිරු
- ඝන මීදුම
- වැසි එකිනෙක වෙනස් වෙන්න පුළුවන්.
🌬️ Mini World’s End එකේ සුළඟ ඉතා තදයි.
සමහර දවස්වල සුළඟේ බලය අත්විඳීමත් adventure එකක්ම වෙනවා එම නිසා පරිස්සමින් කටයුතු කරන්න.
🎟️ ටිකට් ගාස්තු සහ පහසුකම්
💰 Camping Ticket:
- රු. 5000
- පුද්ගලයින් 10 දෙනෙකුට
🚰 පහසුකම්:
- පානීය ජලය (Tap)
- වැසිකිලි
- Camping සඳහා සුදුසු විවෘත ස්ථාන
⚠️ වැදගත් උපදෙස්
✔️ හොඳ shoes පාවිච්චි කරන්න
✔️ Leeches වලට සැලකිලිමත් වන්න
✔️ කුණු දාන්න එපා
✔️ තද සුළඟට අවධානය
✔️ මත්පැන් ගෙන යාම සම්පූර්ණයෙන් තහනම්
✔️ Nature respect කරන්න
📍 ආසන්න සංචාරක ස්ථාන
- යටවත්ත බිසෝ ඇල්ල
- නකල්ස් කඳුකරය
- මාතලේ
- දඹුල්ල ගුහා විහාරය
- රිවස්ටන්

0 Comments